විද්‍යාලයීය ඉතිහාසය
ආරම්භය හා ඉතිහාසය
- වැලිගම ආසනයට මධ්‍ය මහා විද්‍යාලයක් නොමැති හෙයින් එවකට ප්‍ර දේශයේ ගරු මන්ත්‍රීතුමාව සිටි මේජර් මොන්ටේගු ජයවික්‍රම මැතිතුමා පුරෝගාමි විය. ඩී.ඒ.නුගෙවෙල අධ්‍යාපන ඇමතිතුමා මෙම භූමිය තෝරා ගෙන මෙම ප්‍රදේශයේ ප්රභූවරයෙක් වන ඔබේසේකර මැතිතුන්ගෙන් මෙම භූමිය පරිත්‍යාග ලෙස ලබා ගෙන ඇත. 1951 මාර්තු මස 06 වැනි දින ගරු මොන්ටේගු ජයවික්‍රම මැතිතුමාගේ ආරාධනයෙන් රජයේ වැඩ ඇමති වන සර් ජෝන් කොතලාවල මැතිතුමා විදුහලේ ආරම්භක දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීය. 1956 ජනවාරි 07 වෙනි දින එතුමාගේ ආරාධනයෙන් අධ්‍යාපන ඇමති එම්.ඩී. බණ්ඩා මැතිතුමා විසින් විද්‍යාලය විවෘත කළේය. පළමු ශිෂ්‍යයා ඇතුළත් කරන ලද්දේ එම්.ඩී. බණ්ඩා අධ්‍යාපන ඇමතිතුමා අතින්ය.පළමු විදුහල්පතිතුමා වුයේ කේ.එම්.සී ද අල්විස් මැතිතුමාය. එතුමා 1956.01.07 සිට 1956.10.30 දක්වා විදුහල්පතිව සිටියේ ය.
- 1956.01.04 සිට 1956.12.31 දක්වා ඩබ්.බෝධිනායක මහතා විදුහල්පති විය.ඉංග්‍රිසි පාඨශාලාවක් වශයෙන් ආරම්භ වු මෙම විදුහලේ කලා හා විද්‍යා විෂයයන් පැවැතිනි.බැඩ්මින්ටන්, නෙට්බෝල්, වොලි බෝල් හා කැරම් ආදි ක්‍රීඩා ආරම්භ විය.
- 1957 වර්ෂයේ දී බන්දුල මානවඩු මහතා විදුහල්පති ලෙස පත් විය. 1957.01.01 සිට 1957.06.28 මෙම කාලයේ මාණ්ඩලික සරඹ කණ්ඩායම් වලින් ප්‍රථම ස්ථානය මෙම විදුහලට ලැබි ඇත. මාණ්ඩලික තරග වලින් නෙට්බෝල් හා වොලිබෝල් කණ්ඩායම් 02 වන ස්ථානය ලබා ගෙන ඇත. එමෙන්ම මෙම විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගන්නා ලද්දේ තරග විභාගයකිනි. එස්. කේ. එච්.ජයවර්ධන මහතා විදුහල්පති විය. (1958.05.06 සිට 1961.12.31) දක්වා
- 1959 වර්ෂයේ දී 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වධාරීන් 21 දෙනෙකු ඇතුළත් කරගන්නා ලදි.ඔවුන් නේවාසික සිසුන් ලෙස ඇතුළත් කරගත් නිසා ගැහැණු හා පිරිමි වශයෙන් නේවාසිකාගාර 02 ක් ආරම්භ කරන ලදි.ඉන්පසු ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව සමත්ව සිසු/සිසුවියන් මෙම නේවාසිකාගාරවල සිට මෙම විද්‍යාලයේ ඉගෙනුම ලැබූහ. 1959 වර්ෂයේ දී ලී වැඩ, මැටි ශිල්පය, රෙදි විවිම වැනි විෂයයන් සඳහා කර්මාන්ත ශාලාවක් ආරම්භ වු අතර, ඒ සඳහා උපකරණ ද ලැබී ඇත. එම වර්ෂයේ දීම සිසුන් 16 කින් අ.පො.ස. උසස් පෙළ කලා පන්ති ආරම්භ විය.1961 වර්ෂයේ ප්‍රථම වරට විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුළත් වුහ.විදුහල බොහෝ අංශ වලින් අංගසම්පූර්ණ වුයේ මෙම විදුහල්පතිතුමාගේ කාලයේදීය.
- 1962.01.01 සිට 1966.01.31 දක්වා ජේ.කේ. පතිරණ මහතා විදුහල්පති ලෙස පත්විය. මෙම කාලයේ පනති කාමර ඉඩ කඩ මදි වූ නිසා ගුරු දෙගුරු සමිතියේ වියදමින් අඩි 80 දිග අඩි 20 පළල ස්ථිර ගොඩනැගිල්ලක් ඉදි කෙරිණි.
- 1966 02.01 සිට 1975.04.30 දක්වා සී.සෙනෙවීර මහතා විදුහල්පති ලෙස පත්විය.1968 වර්ෂයේ සමස්ථ ලංකා තරග වලට විද්‍යාලයෙන් ප්‍රථම වරට සිසුන් ඉදිරිපත් විය.එම වර්ෂයේම විද්‍යාලයේ තාග්‍ය ප්‍රදානෝත්සවයක් පැවැත්වීය. 1970 වර්ෂයේ ශිෂ්‍යත්වධාරින් නොසිටි නිසා එම වර්ෂයේ සිට නෝවාසිකාගාර වසා දමන ලදි.දේශිය තූර්යවාදක කණ්ඩායම ආරම්භ වුයේ ද අ.පො.ස. උසස් පෙළ විද්‍යා පන්ති ආරම්භ වුයේ ද මෙම වර්ෂයේ දීය.
- යුනෙස්කෝ සංවිධානය මගින් පැවැත් වු නැටුම්, ගැයුම්, වැයුම් තරගයකින් උදළු තල, උණ ලී, ටින් ආදි පරිසරයෙන් සොයා ගත් අමුද්‍රව්‍ය උපයෝගි කරගෙන සපයන ලද සංගීතය සහිත තූර්යවාදක කණ්ඩායම පළමු ස්ථානය ලබා ගති.1973 වර්ෂයේ උසස් පෙළ සඳහා විද්‍යාගාර 02 ක් ලැබුණි.1973 වර්ෂයේදී ම පාසල් ගෙවතු වගා තරගයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලැබුණි. අක්කර 14 ක පමණ විද්‍යාලයීය භූමියෙන් සම්පූර්ණ ප්‍රයෝජනයක් ලැබුවේ එම වකවානුවේදිය.1975 වර්ෂයේ දී අ.පො.ස. උසස් පෙළ විභාගයට සිසුන් ඉදිරිපත් කරන ලදි.
- 1975.04.30 සිට 1978.02.10 දක්වා කමල් සමරසිංහ මහතා විදුහල්පති ලෙස පත්විය.1976 වර්ෂයේ දී අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භ විය. 1976 මැයි 17 වන දින දිග අඩි 120 ක් හා පළල අඩි 30 ක් වන තාවකාලික ගොඩනැගිල්ලක් ගුරු දෙගුරුන් විසින් ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා සාදවන ලදි.
- 1977 වර්ෂයේ අංග සම්පූර්ණ රැස්වීම් ශාලාවක් විදුහලට ලැබුණි. 1977 වර්ෂයේ දී ක්‍රීඩා පිටියක් තැනීම හා විදුහලට විදුලි බලය ලබා ගැනිම සිදුවිය.
- ඩබ්.සයිමන් මහතා 1978.02.10 සිට 1978.02.28 දක්වා විදුහල්පති ලෙස පත්ව ඇත.
- පී.බතීගම මහතා 1978.03.01 සිට 1978.06.28 දක්වා විදුහල්පති ලෙස පත් වී ඇත.
- පී. එස්. ගමගේ මහතා 1978.06.30 සිට 1979.06.04 දක්වා විදුහල්පති ලෙස පත්ව ඇත.
- එම්.එම්.ඩබ්.වීරරත්න මහතා 1979.06.05 සිට 1989.06.30 දක්වා විදුහල්පති ලෙස පත් ව ඇත.
- 1979 වර්ෂයේ ශාන්තා පියසීලි ළමාහේවා ශිෂ්‍යාව බදුල්ලේ පැවැත් වු සමස්ථ ලංකා විද්‍යාලාන්තර මළල ක්‍රීඩා තරගයේ දී 19 න් පහළ කවපෙත්ත විසි කිරිමේ තරගයෙන් 3 වන ස්ථානය දිනා ගති. 1AB ශ්‍රේණියේ විදුහලක් ලෙස විද්‍යාලය නම් කෙරිනි.අඩි 66 දිග අඩි 20 පළල දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලක් මෙම කාලයේ දි විදුහලට ලැබිණි. විද්‍යාලයේ අඩුපාඩුවක් ව තිබු බුදු මැදුරක් ගොඩ නැංවී ය.එය ප්‍රදේශයේ දානපතියෙකු වු සැම්සන් ද සිල්වා මහතාගේ ධන පරිත්‍යාගයකි.
- ජී.ඒ. සිරිසේන මහතා 1989.06.30 සිට 1991.02.01 දක්වා විදුහල්පති ලෙස පත් වී ඇත.දකුණු පළාතටම ඉලෙක්ට්‍රෝනික පාඨමාලාවක් ආරම්භ කිරිම සිදු විය.එහි ගුරුභවතා ලෙස එල්.පී. පිරිස් මහතා (උපගුරු) පත් වී ඇත.
- 1991.03.21 සිට 1995.08.31 දක්වා විදුහල්පති ලෙස පත් වී ඇත්තේ එස්.එම්. දහනායක මහත්මියයි. 1993 වර්ෂයේ පද්‍ය ගායනා සමස්ථ ලංකා තරගයෙන් 3 වන ස්ථානය එන්.ඒ.කේ. අපරැක්ක ශිෂ්‍යයා විසින් දිනා ගන්නා ලදි. මෙම කාලය තුල ගෘහ විද්‍යාගාරය ඉඩ කඩ මදි වීම නිසා ඒ සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කරන ලදි.පන්ති කාමර ඉඩ කඩ මදි වීම නිසා දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කෙරිනි. ආර්ථික අපහසුතා ඇති සිසුන් සඳහා ජර්මන් ජාතික වෛද්‍යවරයෙකුගේ ධන පරිත්‍යාගයෙන් ජර්මන් ශිෂ්‍යාධාර ක්‍රමය ක්‍රියාත්මක විය.1994.01.21 දින විද්‍යාලයේ ත්‍යාග ප්‍රධානෝත්සවයක් පවත්වන ලදි. 1995 ජනවාරි 01 දින සිට ජාතික පාසලක් වශයෙන් නම් කෙරුණි.
- 1995.08.31 සිට 1996.06.03 දක්වා කාල පරිච්ජේදයේ ඒ. බෝපගේ මහතා විදුහල්පති ලෙස පත් වී ඇත.
- 1996.06.03 සිට 1996.11.27 දක්වා අධ්‍යයන නිවාඩු ලැබ ගෙන සිටි එස්.එම්. දහනායක මහත්මිය නැවත පාසලේ විදුහල්පති ලෙස පත් ව ඇත.
- 1996.12.16 සිට 1998.09.03 දක්වා ඒ.ජී.එස්. ජයවර්ධන මහතා විදුහල්පති ලෙස පත් වී ඇත. 1997.06.07 වන දින දෙමහල් ගොඩනැගිල්ලක් ලැබී ඇත.
- 1998.09.03 සිට 2001.07.25 දක්වා කාලය බර්ටි ද සිල්වා මහතා විදුහල්පති ලෙස පත් ව ඇත. එම කාලයේ දී විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති පරිගණක විද්‍යාගාරයක් ආසියානු සංවර්ධන බැංකු ආධාර මත ඉදිකිරිම සඳහා මුලික කටයුතු කරන ලදි.
- 2001.07.25 සිට 2006.05.01 දක්වා කාලය එච්.එල්.එම්.සී. ජයසේකර මහතා විදුහල්පති ලෙස පත් වී ඇත.2003 03.16 දින ආසියානු සංවර්ධන බැංකු ආධාර මත විදුහලේ පන්ති කාමරයක් පරිගණක විද්‍යාගාරයක් ලෙස සකසා පරිගණක 20 ක් සහිතව විවෘත කරන ලදි.
- 2006.05.01 සිට 2009.09.18 දින දක්වා කාලය ඒ.ජී.එස්. ජයවර්ධන මහතා විදුහල්පති ලෙස පත් ව ඇත.
- 2009.09.19 සිට ඩබ්.එච්. සමරසිරි මහතා විදුහල්පති ලෙස සේවය කරන ලදි. 2013.01.13 වන දින පරිගණක විද්‍යාගාරය නැවත කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහයෙන් නවීකරණය කරන ලදී. දැනට විදුහලේ උසස් පෙළ තාක්ෂණ විද්‍යා විෂය ධාරාව ඇතුළු විෂය ධාරාවන් හතරම උගන්වන 1AB Super තත්වයේ පාසලක් ලෙස උසස් කරන ලදි. එම වැඩසටහනට අනුව මහින්දෝදය විද්‍යාගාරය 2015.05.08 දින මෙම වසරේ දී විවෘත කරන ලදි.තාක්ෂණ විද්‍යා පීඨය 2016 ජූලි 27 දින එවකට ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කරන ලදි.
- 2016.07.27 වන දින විද්‍යාලයේ ක්‍රිඩා භූමියට අඩුවක්ව පැවති ක්‍රීඩාගාරයක් ඉදිකිරිම සඳහා මුල්ගල තබන ලදි.එකල ක්‍රීඩා අංශයෙන් හා සෞන්දර්ය අංශ වලින් සමස්ථ ලංකා ජයග්‍රහනද ලබා ගන්නා ලදි.
- 2017.10.04 වන දින සිට එවකට නියෝජ්‍ය විදුහල්පති ඩී.ටි.ඒ.එස්. දහනායක මහතා විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලදි.
- 2017 වර්ෂයේ ගාල්ල අධ්‍යාපන කලාපය තුළ පැවති හොදම ගණිතාගාරය තේරිමේ තරඟයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනිමට විද්‍යාලයේ ගණිත අංශය සමත් විය.
- 2019.10.01 දින එම මහතා සේවයෙන් විශ්‍රාම ගන්නා ලදි. එදින සිට එවකට විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස සේවය කළ ඩබ්.ඒ. රන්ජන් වීරසිරි මහතා විදුහල්පති ධූරයේ වැඩ බලන ලදි.
- 2020.01.02 දින ශාන් ජාගොඩ මහතා විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදි. ශාන් ජාගොඩ මහතා 2020.06.11 දින ස්ථාන මාරු ලබා වෙනත් පාසලකට යන ලදි. එදිනම කේ.ජී.පද්මසිරි මහතා විද්‍යාලයේ විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලදි. කේ.ජී.පද්මසිරි මහතා එදින සිට මේ දක්වා විද්‍යාලයේ විදුහල්පති ධූරය දරයි.